ට්‍රම්ප්ගේ බද්දෙන් ලංකාව හිර වෙන ලකුණු - නිදහස් කරන්නැයි ඉල්ලූ රට ලිස්ට් එක මෙන්න
By R.rishma
එක්සත් ජාතීන්ගේ සංවිධානය, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත්තේ, ඔහු විසින් පනවන ලද තීරුබදුවලින් ලොව දුප්පත්ම හා කුඩාම රටවල් නිදහස් කරන ලෙසයි.
ඒ අනුව, එම සංවිධානය විසින් මෙලෙස බදුවලින් නිදහස් කළ යුතු රටවල් 28ක ලැයිස්තුවක් හඳුන්වා දී ඇත.
මෙම රටවල් ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වුවත්, මෙම රටවල් 28 අතර ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව වාර්තා වේ.