ළමා අපයෝජකයෙකු සමග ට්‍රම්ප්ට පැවති සම්බන්ධය හෙළි වේ [PHOTOS]
ඇමරිකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ බලවත් පුද්ගලයකු වන, ළමා ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වරදකරු වූ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටයින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සමීප සබඳතාවය පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත්තේ, ට්‍රම්ප් විසින් එප්ස්ටයින්ගේ 50 වන උපන්දිනය වෙනුවෙන් යොමු කළ බව කියන අසභ්‍ය පණිවුඩයක් පිළිබඳවයි.
එම පණිවුඩය ඇතුළත් බවට සැලකෙන ලිපියක්, නිරුවත් කාන්තා රුවක ලියවිලි ලෙස සටහන්ව තිබූ අතර එහි “ඩොනල්ඩ්” යන අත්සනක්ද දැක්වුණි.
එම ලිපියෙහි,
"ජෙෆ්රි, අපට පොදු දේවල් කිහිපයක් තිබෙනවා" සහ "සුබ උපන්දිනයක් - සෑම දවසක්ම තවත් අපූරු රහසක් වනු ඇත" යනුවෙන් සඳහන් වූ බව වාර්තා වේ.
මෙම පුවත පළවීම වළක්වා ගැනීමට ට්‍රම්ප්ගේ උපදේශකයන් දැඩි කටයුතු සිදු කළද, එය අසාර්ථක වූ බව රෝලිං ස්ටෝන් සඟරාව පවසයි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත, ට්‍රම්ප් හිතවාදී ෆොක්ස් නාලිකාවට හිමිකම දරන මර්ඩොක් පවුලට අයත් වුවද, පුවත පළ කිරීම නවතා දැමීම සඳහා කළ උත්සාහයන්ට එරෙහිව දිගටම කටයුතු කළ බව පොලිටිකෝ වාර්තා කරයි.
මෙම හෙළිදරව්වට එරෙහිව ජනාධිපති ට්‍රම්ප් "මේ ව්‍යාජ පුවතක්" බව පවසමින්, වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.
මේ වනවිට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව හෝ FBI ආයතනයක් මගින් සෘජු ප්‍රකාශයක් සිදු කර නැත. ජෙෆ්රි එප්ස්ටයින් 'Bear Stearns' ආයතනය ඔස්සේ මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය.
පසුව තමන්ගේම උපදේශන ආයතනයක් ආරම්භ කළ ඔහු, බලවත් සමාජ සබඳතා ජාලයක් ගොඩනැගූ අතර එම සබඳතා භාවිත කරමින් කාන්තා සහ බාලවයස්කාර දැරියන් ලිංගිකව පීඩා කිරීමේ චෝදනා යටතේ විවේචනයට ලක්විය. ඔහු 2019 වසරේදී ජීවිතක්ෂයට පත්විය.






