ඉරාන - ඇමරිකා යුද්ධය නතර වෙයි - ට්‍රම්ප්ගෙන් ලෝකයටම හදිසි නිවේදනයක්
By Aylin Zoya
ඉරානය සමඟ පවතින යුද ගැටුම අවසන් කිරීම සඳහා “විශිෂ්ට එකඟතාවක්” ඇති කරගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම එකඟතාවයට අදාළ ලේඛන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම සති අන්තයේ යුරෝපයේදී ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවක් පවතින බව ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි.
අදාළ සාකච්ඡා සාර්ථක අතට ගමන් කරමින් පවතින අතර, ගිවිසුමට අවසන් අනුමැතිය ලැබීමෙන් පසු එය නිල වශයෙන් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පවසා ඇත.