ගුවන් ආරක්ෂණ පද්ධති ද අක්‍රිය කළා ඉරානේ සම්පූර්ණයෙන් විනාශයි - ට්‍රම්ප් යුද්ධයේ ජය සමරයි

Report

ෆොක්ස් නිව්ස් වාර්තා කරන පරිදි, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන හමුදා බලය සහමුලින්ම විනාශ වී ඇති බවත්, එරට ගුවන් ආරක්ෂණ පද්ධති අමෙරිකානු ප්‍රහාර හමුවේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් ප්‍රකාශ කළ බව සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ, ඉරාන හමුදා බලය ඉතා බරපතල ලෙස දුර්වල කිරීමට අමෙරිකානු මෙහෙයුම් සමත්ව ඇති බවයි.

ඉරානයට එරෙහි යුද්ධයේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සූදානම්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ජනාධිපති ට්‍රම්ප් පවසුවේ තවමත් යුද්ධය අවසන් බව ප්‍රකාශ නොකරන නමුත් ඉරාන හමුදාවට එල්ල වී ඇති හානිය අතිවිශාල බවයි.

ඔහු එයාර් ෆෝස් වන් (Air Force One) ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ,

“මම සිතන්නේ ඔවුන් සහමුලින්ම විනාශ වී ඇති බවයි.අප මේ මොහොතේ ඉවත් වුවහොත්, ඔවුන්ගේ හමුදා බලය නැවත ගොඩනැගීමට වසර දහයකට වඩා වැඩි කාලයක් ගතවනු ඇත. නමුත් තවමත් මෙය අවසන් යැයි ප්‍රකාශ නොකරමි,”

යන්නයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අමෙරිකානු මෙහෙයුම් මගින් ඉරාන ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂණ පද්ධති සහමුලින්ම විනාශ වී ඇති අතර, ඉරානයට මේ වන විට කිසිදු ගුවන් ආරක්ෂණයක් නොමැති බවයි.

යුද්ධය ගැන විවේචනය කරොත් මාධ්‍ය බලපත්‍ර අහෝසි කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු නීතියක්

යුද්ධය ගැන විවේචනය කරොත් මාධ්‍ය බලපත්‍ර අහෝසි කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු නීතියක්

එසේම, ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන් තාක්ෂණික හැකියාවන්ද ඉතා තියුණු ලෙස පහත වැටී ඇති බවද ඔහු අවධාරණය කළා. ඔහු පෙන්වා දුන්නේ, ඉරානය සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය සතුව සමාන අරමුණු පවතින අතර, දෙරටේ සන්නද්ධ හමුදා අතර මේ සම්බන්ධයෙන් ඉතා සමීප සහයෝගීතාවයක් පවතින බවයි.

ඔන්න ආයෙත් ගණන් නගින රත්තරන් - ලංකාවේ රන්මිල ආයෙත් ඉහළට

ඔන්න ආයෙත් ගණන් නගින රත්තරන් - ලංකාවේ රන්මිල ආයෙත් ඉහළට