ගව සොරකමේ ගොස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය විසින් වෙඩි

Report

නාල්ල ප්‍රදේශයේ අද (25) සිදු වූ සිද්ධියකදී, අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමකින් රථයේ රියැදුරු තුවාල ලබා, ඔහු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබේ.

වාර්තා වන ආකාරයට තුවාලකරුගේ වම් අතේ උරහිසට පහළින් වෙඩි වැදී ඇත. නාල්ල පොලිස් නිලධාරීන් පිරිසක් ත්‍රීරෝද රථ මුර සංචාරය මඟින් තලහේන වත්ත මාර්ගයේ නවතා සිටි ලොරි රථය අසලට ගොස් තිබේ.

එහිදී රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු පොලිසියට ආයුධයකින් පහර දීමට උත්සාහ කළ අතර, රථයේ සිටි අය පලායාමට උත්සාහ කළේය.

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශවල සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන විශේෂ දැනුම්දීමක්

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශවල සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන විශේෂ දැනුම්දීමක්

එම අවස්ථාවේදී වෙඩි තැබීම සිදුකර ඇත. තුවාලකරු මුලින්ම මීරිගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගත් පසු, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු පලා යාමට සමත් වී ඇති අතර, ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ, මෙම ලොරි රථයේ ගවයන් පස්දෙනෙකු සිටි අතර සැකකරුවන් ගවයින් සොරකමේ යෙදී සිටි පුද්ගලයෝ බවට සැක සහිත බවයි.

දවස් 22 කින් ටාගට් ඉවර කරපු අපේ කස්ටම්

දවස් 22 කින් ටාගට් ඉවර කරපු අපේ කස්ටම්