ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස් වෙයි.? - බලශක්ති කේන්ද්රස්ථානයක් වෙන්නයි යන්නේ.
ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව එය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ත්‍රිකුණාමලයේ උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.
පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.
සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරුන් ද ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීමද විශේෂත්වයක් විය.
ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් ත්‍රිකුණාමලයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවයි.
එමෙන්ම ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙන බවත්, සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටළුවද කඩිනමින් නිරාකරණය කරන බවත් සඳහන්.
මේ අතර සේරුවාවිල විහාරය සංවර්ධනය කිරීමට සහාය ලබා දෙන බවත්, දක්ෂිණකෛලාශ් ලෙස ලෝකය පුරා හින්දු බැතුමන්ගේ ගෞරවයට පාත්‍ර වූ කෝණේෂ්වරම් කෝවිලට අඩු පාඩුවක්ව පවතින ගෝපුරම් ඉදි කිරීමේ වගකීම නව රජය යටතේ සිදු කිරීමේ වගකීම භාරගන්නා බවත් ජනපති කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ,
"මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් අප රට දියුණු කළයුතුයි. එම දියුණුව ලබාගත යුත්තේ අපනයන ආර්ථිකයක් තුළින් පමණයි. ඒ සඳහා අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් වී වගාවෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 08ක් ලබා ගැනීමට අවශ්‍ය සහාය අප ලබා දෙනවා.
ඒ වගේම අපි ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50 දක්වා ඉහළ නංවාගත යුතුයි. ඒ වෙනුවෙන් අපි නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරනවා.
ඒ වගේම ආසියාවේ ලොකුම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය මේ වන විට සිදු වෙනවා. කිසිම ආණ්ඩුවක් මෙය දියුණු කිරීමට අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීම මගින් අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සාම්පූර් සූර්යබලශක්ති ව්‍යාපෘතිය ද අප මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මේ පළාතේ අක්කර දහසකට වැඩි විශාල ආයෝජන කලාපයක් ඇති කර නව කර්මාන්ත ගෙන ඒමට ද අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ද දියුණු කිරීමට අප කටයුතු කරනවා.
මේ අතර සේරුවිල විහාරය දියුණු කිරීම වෙනුවෙන් ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එසේම කෝණේෂ්වරම් කෝවිල ඉතා පැරණි කෝවිලක්. කෝණේෂ්වරන් කෝවිල කියන්නේ දක්ෂිණ කෛලාශ් කියලා ලෝකයේ හින්දු ජනතාව පිළිගන්නවා. එහි ගෝපුරම් තවම ස්ථාපිත කර නැහැ. කෝණේෂ්වරන් කෝවිලේ ගෝපුරම් නිර්මාණය කිරීමේ වගකීම අපේ ආණ්ඩුව භාර ගන්නවා.
මෙම කටයුතුවලදී දිවංගත ආර්. සම්බන්ධන් මහතා මට සිහිපත් වෙනවා. එතුමා සෑමවිටම කිව්වේ ත්‍රිකුණාමලය දියුණු කළ යුතුයි කියලා. මම එතුමාට ඒ පොරොන්දුව ලබා දුන්නා. අපි සියලුදෙනා එක්ව එම පොරොන්දුව ඉටු කරමු.
ඒ වගේම සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ ගැටළු විසඳීමට ද අප කටයුතු කරනවා. සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට කතිරය ගසා අපි එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා."