වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

Ranil Wickremesinghe Ranjith Siyambalapitiya Government Employee Government Of Sri Lanka Department of Pensions
By Wayomi Sep 04, 2024 02:15 PM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඡන්ද පොරොන්දු ඇතුළත් හුදු ලියවිල්ලක් නොවන බවත් ඊට මහා භාණ්ඩාගාරයේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලබා දී ඇති බැවින් එම ප්‍රතිලාභය ලැබීමට තවත් තිබෙන්නේ ජනවාරි 01 වෙනිදා උදා වීම පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට යෝජනා ඉදිරිපත් වූ නමුත් රාජ්‍ය සේවක වැටුප නිශ්චිත බැවින් එය කිසි සේත් කප්පාදු නොකළ යුතු බව පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කළ බවත් ඒ ඔහු පෙන්වා දෙනවා..

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ, කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවේදීයි.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


විරුද්ධ පාර්ශ්ව කුමන චෝදනා එල්ල කළත් ආර්ථික වශයෙන් දුෂ්කරම අවස්ථාවේ පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක් ලබා දෙමින් සහනයක් සැලසීමට කටයුතු කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

"මේ රට ආර්ථික ආර්බුදයකට මුහුණ දුන් 2022 වසර වන විට රාජ්‍ය සේවකයින් දහතුන් ලක්ෂ අසූ දහසක් සිටියා. එම සංඛ්‍යාව සඳහා වැටුප් බිල රුපියල් බිලියන 95ක් වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වන විට රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුණා. ඒ අනුව එම ගැටළුව විසඳා ගැනීමට යෝජනා ගණනාවක් ඉදිරිපත් වී තිබුණා.

ඉන් එක් යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපා හැරීමයි. නමුත් ජනාධිපතිතුමා එය දැඩි සේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන්පසු දෙවතාවකට වැටුප් ගෙවීම් සිදු කරමින් මාස දෙක තුනක් තත්ත්වය කළමණාකරණය කර ගනු ලැබුවා. ඒ අනුව නියමිත දිනයේදී සාමාන්‍ය සේවකයින්ටත්, ඊළඟ සතියේ විධායක ශ්‍රේණියටත් වැටුප් ගෙවනු ලැබුවා. එවන් කාලයක් පසු කළ බව අද ඇතැමුන්ට අමතකයි.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


2023 වසරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාරය සමඟ කළ සාකච්ඡාවේදීත් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි විය යුතු බවට සඳහන් කළා. නමුත් ඒ අවස්ථාවේ සුබවාදී පිළිතුරක් ලබා දීමට හැකියාවක් මහා භාණ්ඩාගාරයට තිබුණේ නැහැ. නමුත් මෙවන් ආර්ථික අර්බුදයක් හමුවේ පීඩාවට පත්වන පිරිස අතර ප්‍රධානතම කණ්ඩායම නිශ්චිත ආදායමක් ලබන රාජ්‍ය සේවකයින් බව ජනාධිපතිතුමා නිතරම පෙන්වා දුන්නා. ඒ අනුව ලැබුණ පළවෙනි අවස්ථාවේදීම රාජ්‍ය සේවකයින් ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. එමඟින් මහා භාණ්ඩාගාරයේ මාසික වැය බර රුපියල් බිලියන 12කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියා. නමුත් ජනාධිපතිතුමාගේ අදහස වුණේ එම වැටුප් වැඩි වීමද ප්‍රමාණවත් නොවන බවයි.

සජිත් ජනපති - රනිල් අගමැති. - වැඩේ තීන්දුයි.? - බලවත් රාජ්‍යයක් වේගවත් මෙහෙයුමක.

සජිත් ජනපති - රනිල් අගමැති. - වැඩේ තීන්දුයි.? - බලවත් රාජ්‍යයක් වේගවත් මෙහෙයුමක.


ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය, විශ්‍රාම වැටුප් විෂමතාව වගේම ඵලදායීතාව ඉහළ නැංවීම යන කරුණු රාජ්‍ය සේවයේ පවතින කඩිනම් විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න ලෙස හඳුනා ගෙන තිබුණා. ඒ අනුව මෙම ගැටළු පිළිබඳ සොයා බලා ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උදය ආර්. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, BCS International Technology PTY LTD හි ප්‍රධාන මහජන නිලධාරි චන්දි එච්. ධර්මරත්න, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඉසුරු තිලකවර්ධන, ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්ණන් පෙරේරා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලැබුවා.

 ඒ වගේම මෙම සාමාජියන් 10 දෙනාගෙන් තුන් දෙනෙක්ම පෞද්ගලික අංශය නියෝජනය කිරීමද විශේෂත්වයක් වන බව පෙන්වා දිය යුතුයි.

මෙම කමිටුව විසින් ලබා දුන් අතුරු වාර්තාවේ නිර්දේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී නිර්දේශ 18ක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. රාජ්‍ය සේවයට සෘජුව බලපාන වැදගත් නි‍ර්දේශ රැසක් ඊට ඇතුළත් වුණා.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


ඒ අනුව 2025 පාදක වර්ෂය ලෙස සළකා රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව රුපියල් විසි පන්දහස දක්වා වැඩි කිරීම, අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50% දක්වා වැඩි කිරීමත්, ඒ මත ඔවුන්ගේ අවම වැටුප රුපියල් පනස් පන් දහස දක්වා වැඩි කිරීමත් මෙහි ප්‍රධාන නිර්දේශ වුණා.

ඒ වගේම මෙම වැඩි වීම ව්‍යාපාරික රාජ්‍ය සමාගම් සහ බැංකු හැර අන් සියළු රාජ්‍ය ආයතන සඳහා ක්‍රියාත්ම කිරීමද, රාජ්‍ය අංශයේ සියලු සේවකයින් හා විශ්‍රාමිකයින් ඇතුළත්ව මාසිකව රුපියල් දහසක මාසික දායකත්වයක් සහිත පූර්ණ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටද නිර්දේශ කර තිබුණා. එසේම 2020 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමද නිර්දේශවල ඇතුළත් වෙනවා. මේ සියළු නිර්දේශ 2025 වර්ෂයේ අයවැය ලේඛනයට ඇතුළත් වෙනවා.

මෙය රජය සහතික වූ වැඩපිළිවෙළක් මිස නිකන් ලියවිල්ලක් නොවෙයි. මෙම ප්‍රතිලාභ ලැබීමට නම් තවත් තිබෙන්නේ 2025 වසරේ ජනවාරි 01 වෙනිදා වීම පමණයි. ඒ වගේම මෙය මෙරට රාජ්‍ය සේවකයින්ට කාලයකට පසු ලැබුණු විශාල ප්‍රතිලාභයක් බව කිව යුතුයි. මෙය මැතිවරණය ඉලක්ක කර සිදු කළ දෙයක් බවට කෙනෙක් මෙය ලඝු කරනවා නම් එය පදනම් විරහිත බව කිව යුතුයි. ඒ වගේම ඉතා අසීරු කාලයක් තුළ පවා රුපියල් දස දහසක් ලබා දී අපි රාජ්‍ය සේවයකයන්ට සළකන බවට සංඥාවක් ලබා දුන් රජයක් බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි."  

"රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති වලින් ඉවත් කර ගන්න." - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්.

"රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති වලින් ඉවත් කර ගන්න." - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්.