කඳු තරණය සහ කඳවුරු බැදීම සම්බන්ධයෙන් මෙරටින් තහනමක්.

Sri Lanka
By krishani Aug 05, 2023 02:43 AM GMT
krishani

krishani

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිතවලට මින් ඉදිරියට අවසර නොමැතිව ඇතුළුවීම, තහනම් කර තිබෙනවා.

ඒ ඊයේ (04) දින සිට බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් ඊයේ වනජිවී නිලධාරින්, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

ඉදිරියේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක් තරණය කිරීමට එම ප්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබාගත යුතු අතර පසුව එම අනුමැතිය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙය ආරම්භක අවස්ථාවේ දී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නැංවේ.

පසුව ඒ සඳහා දුරකථන යෙදවුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරයන් ලබා ගැනීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

ReeCha