ගස් කඩා වැටී මාර්ග අවහිර වේ
By Ashfa
නුවරඑලිය ප්‍රදේශය ආවරණය කළ අධික වැසි හා සුළං හේතුවෙන් විශාල සයිප්‍රස් ගස් කිහිපයක් කඩා වැටී, නුවරඑලිය–බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවුණු බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙම ගස් කඩා වැටී තිබුණේ ග්‍රෙගරි වැව ඉදිරිපිට ගැමුණු මාවතේ ය. සිදුවීමෙන් පසු, පොලිස් නිළධාරින් හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් කඩා වැටුණු ගස් කපා ඉවත් කළ අතර, මාර්ගය තාවකාලිකව එක් මන්තීරුවක් ලෙස විවෘත කරනු ලැබීය.
ප්‍රධාන මාර්ගවලට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයේ කුඩා මාර්ගවලද වර්ෂා සහ සුළං තත්ත්වය හේතුවෙන් ගමනාගමනය දුෂ්කර වී තිබේ. මේ හේතුවෙන් රියදුරන් සැලකිලිමත් වෙන්ටත්, අවධානයෙන් රිය පැදවීමටත් පොලීසිය නිර්දේශ කරයි.