ගමන් බෑගයකින් හමුවු කාන්තා මළ සිරුර ප්‍රවාහණයට ගත් ත්‍රිරෝද රථය මෙන්න...
Police
Sri Lanka
Traveling bag woman death body
Maligawaththa
By Aruna
පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවු කාන්තා මළ සිරුර ප්‍රවාහණය කිරීම සඳහා යොදා ගත් ත්‍රිරෝද රථයද පොලිසිය සිය භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළා.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පෙරේදා (08) ඔවුන් නිවෙස්වලින් අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඔවුන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.
ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
