පළාත් අතර සංචරණ සීමා ගැන නිවේදනයක්(VIDEO)

By Sewvandhi Jul 12, 2021 11:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අද (12) මහනුවර දී එන්නත්කරණ වැඩසටහනක ට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බවය.

“බදාදා සිට නැවතත් සීමා සහිත ධාවනය ආරම්භ කරනවා. උදාහරණයක ට වැඩට යන කෝච්චි ටික සහ හවසට ආපහු ඒ අය නිවෙස්වලට යන කෝච්චි ටික. ඒ වගේම පළාත් අතර රාජ්‍ය සේවකයින් සහ අත්‍යවශ්‍ය පෞද්ගලික සේවකයින්ට කියපු නීති රීතිම අනුගමනය කරන්න ඕනේ. තමන්ගේ රාජකාරි හැඳුනුම්පත තිබිය යුතුයි බස් රථයට දුම්රියට ගොඩවෙන්න. පෞද්ගලික රාජකාරි නම් ඒ හැඳුනුම්පත් තිබිය යුතුයි. ඒ දවසට අදාළ ලියකියවිලි ළඟ තිබිය යුතුයි. මේ අයට ගමන් කිරීමට බදාදා සිට අපි යම් දුම්රිය හා බස්රථ ප්‍රමාණයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දළදා පෙරහැර පැවැත්වීමට පෙර මහනුවර සියලුදෙනා ට එන්නත්කරණය සිදුකිරීමට බලපොරොත්තු වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha