අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ තවත් පිරිසකට රට යන්න තහනමක් හේතුව මෙන්න..?

budget travel restriction
By Sewvandhi Oct 16, 2021 05:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර අය-වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වන දා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වන දා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස සියලු ම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ, 2021 ඔක්තෝබර් 13 වන දා දාතමින් යුත් විශේෂ චක්‍රලේඛයක් මඟින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින්. 2022 අය-වැය ලේඛනය මේ වනවිට සකස් වෙමින් පවතින බැවින් මුදල් අමාත්‍යංශය අදාළ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විදේශ තානාපති සේවාවන් හා ජාත්‍යන්තර සංවර්ධන අරමුදල් ආයතන සමඟ තාක්ෂණික මට්ටමේ ඇගැයීම්වල යෙදෙන බැවින් ඒ සඳහා ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ සියලු නිලධාරීන්ගේ සෘජු දායකත්වය මුදල් අමාත්‍යංශයට ලබාදිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන බවයි එහි දැක්වෙන්නේ.

එබැවින් එතෙරදී සිදුකෙරෙන විශේෂ අවස්ථාවන් ආවරණයට විදේශ අමාත්‍යංශය මගින් විදේශ රටවල පිහිටි මෙරට තානාපති කාර්යාල ඔස්සේ අදාළ නියෝජනය ලබාදිය හැකි බවද ජනාධිපති ලේකම්වරයා එමගින් අවධාරණය කර තිබෙනවා.

එබැවින් අත්‍යවශ්‍යම කටයුත්තකට හැර එම කාලය තුළ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 
Subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.