සංචරන කඩාගෙන පල්ලියේ යාඥා… පල්ලිය පිටින්ම නිරෝධායනයට…
corona virus
sri lanka
covid 19
Traval restrictions
By Sithumi
පවතින සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය අයින්දු සන්ධි ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පලිලියක යාඥාවකට සහභාගී වූවන් සියලු දෙනා නිරෝධායනය කරවීමට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.
උත්සව අවස්ථා සහ දේව මෙහෙයන් පිරිස් සහභාගීත්වයෙන් තහනම් කර ඇති අවස්ථාවක පුද්ගලයින් 14 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙලෙස යාඥාවකට සහභාගී වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් විසින් අනාවරනය කොට ගෙන ඇත.
අනතුරුව අදාල යාඥාවට සහභාගී වූ පිරිස්වලින් හඳුනාග් අය පල්ලිය තුලම නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති අතර සෙසු පිරිස්ද නිවසේ හෝ පල්ලියේ නිරෝධායනය කරවීමට පියවර ගන්නා බවට යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.