පසුගිය මාස 09ට මිලියන 49,584ක හෙරොයින් මාට්ටු - පොලිසියෙන් භයානක හෙළිදරව්වක්
රටම එකට ජාතික මෙහෙයුම තුළින් පසුගිය මාස 09 තුළ රුපියල් මිලියන 49,584ක හෙරොයින් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රතු වරෙන්තුකරුවන් 35 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් රතු වරෙන්තුකරුවන් 94 දෙනෙකු කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ් යූ වුඩ්ලර් මහතා පවසයි.
රටම එකට ජාතික මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 2254කට ආසන්නයි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2641ක් භාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රමාණය කිලෝ 293ක් වේ. එමෙන්ම මත්පෙති ලක්ෂ තිස්හයක් පමණ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.