WhatsApp වෙතින් සුපිරි වැඩක් - දැන් ෆෝන් එක රීචාර්ජ් කරන්නත් පුළුවන්
ලොව වැඩියෙන්ම භාවිතා වන සමාජ ජාල සහ පණිවිඩ යෙදුම් අතරින් එකක් වන WhatsApp මගින් ඉන්දියාවේ පමණක් ගිණුම් මිලියන 510 කට වැඩි පිරිසක් භාවිතා කරන බව වාර්තා වේ.
2009 වසරේ දී ආරම්භ කරන ලද WhatsApp යෙදුම, 2014 වසරේදී Meta Platforms විසින් අත්පත් කරගැනීමෙන් පසු ඇමතුම් පහසුකම්, ගොනු හුවමාරු සහ විවිධ නව විශේෂාංග අඛණ්ඩව හඳුන්වා දී තිබේ.
මේ වන විට WhatsApp මගින් නව UPI (Unified Payments Interface) සේවා යාවත්කාලීනයක් හඳුන්වා දී ඇති අතර, ඒ හරහා පරිශීලකයින්ට ඔවුන්ගේ ජංගම දුරකථන සෘජුවම යෙදුම තුළින්ම රීචාර්ජ් කිරීමේ හැකියාව ලබාදී ඇත.
මෙම නව පහසුකම මගින් Airtel, Reliance Jio සහ Vodafone Idea යන සමාගම්වල සිම් කාඩ්පත් WhatsApp UPI හරහා පහසුවෙන් රීචාර්ජ් කළ හැකි බව වාර්තා වේ.
එමෙන්ම, මෙම සේවාව ඉදිරියේදී BSNL පරිශීලකයින් වෙතද ව්‍යාප්ත කිරීමට නියමිත බව තොරතුරු මූලාශ්‍ර සඳහන් කරයි.