ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් - මුදල් නි. ඇමතිගෙන් නිල ප්‍රකාශයක් [VIDEO]

Report

ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අමෙරිකාවේ S&P (Standard & Poor's) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ආයෝජක විශ්වාසය තහවුරු කරන 'හුවමාරු සහ පරිවර්තන දර්ශකය'ට අනුව ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මෙරට පැවති 'CCC+' ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට පැමිණ ඇති බවයි.

එසේම විදේශීය ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඉන් උපයන ලාභය යළි සිය රට වෙත රැගෙන යාමට ඇති හැකියාව, අවශ්‍යතාව පරිදි මුදල් ආපසු රැගෙන යාමේ හැකියාව මෙන්ම ලබාගත් ණය පොලී ආපසු ගෙවීමට දේශීය මුදල් විදේශීය මුදල් බවට පරිවර්තනය කරගැනීමට ඇති ඉඩකඩ මෙම දර්ශකය මඟින් මැන බලන බව සඳහන්.

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

ඉකුත් 2022 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයට අනුව දැඩි අවදානම් කලාපයක පැවති බැවින්, මෙම නව ඉහළ යාම ආර්ථිකයේ සාධනීය හැරවුම් ලක්ෂයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එසේම ලෝක දේශපාලනික සහ පාරිසරික ලෙස එල්ල වූ දැඩි බාහිර කම්පන හමුවේ වුවද, 2026 ජූලි මාසය වනවිට මෙරට ණය ශ්‍රේණිගත කිරීම සහ විදේශ විනිමය ගෙවීමේ ධාරිතාව පෙර පැවති 'C+' මට්ටමේම පවත්වා ගැනීමට සමත්ව ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට මෙම ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය වැනි ප්‍රබල අභියෝගාත්මක සාධක දෙකකට මුහුණ දෙමින් සිටින පසුබිමක බවයි.

යළිත් සටන් විරාම බිඳ වැටෙයි - තෙල් මිල යළි අහස උසට යයි - සංශෝධනය වූ අලුත්ම මිල ගණන් මෙන්න

යළිත් සටන් විරාම බිඳ වැටෙයි - තෙල් මිල යළි අහස උසට යයි - සංශෝධනය වූ අලුත්ම මිල ගණන් මෙන්න

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතය ප්‍රකාශයට පත් කළ වාර්තාවලට අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාව 'ණය පාරිශුද්ධභාවය' අතින් ඉතා ඉහළ ප්‍රගතියක් සනිටුහන් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ලබාදෙන සමස්ත ලකුණු 50න් ලකුණු 43.67ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර මෙය 2025 වසරේ ලබාගෙන තිබූ ලකුණු 38.33ක මට්ටමට සාපේක්ෂව 6.3%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව දැක්වේ.

මෙම කැපී පෙනෙන ප්‍රගතිය හේතුවෙන්, 2026 වසරේ ණය පාරිශුද්ධභාවය සහ ආයෝජක විශ්වාසය දිනාගැනීම සඳහා ඇගයීමට ලක්කළ සමස්ත රටවල් අතරින් ලොව 4 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

කෙසේ වෙතත් S&P යනු ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුළ සමාගම් සහ ස්වෛරී රාජ්‍යයන්හි ණය අවදානම සහ මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීමට ලක්කරන, ලොව ඉහළම පිළිගැනීමක් සහිත 'බිග් ත්‍රී' ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් එකක් වේ.

එමෙන්ම ඔවුන් ප්‍රමුඛ පෙළේ මූල්‍ය පර්යේෂණ ප්‍රකාශකයෙකු සහ වෙළඳපොළ නිර්මාපකයෙකු වශයෙන් ද ක්‍රියා කරයි.

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

මම සර්ට පිස්තෝලය දුන්නා, හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ - හිටපු පොලිස්පතිගේ මරණය ගැන ආරක්ෂකගෙන් ආන්දෝලාත්මක අනාවරණයක්

මම සර්ට පිස්තෝලය දුන්නා, හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ - හිටපු පොලිස්පතිගේ මරණය ගැන ආරක්ෂකගෙන් ආන්දෝලාත්මක අනාවරණයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,