රටේ උද්ධමන අනුපාතය එළියට - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2026 ජූලි මාසයේදී 7.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය 2026 ජූනි මාසයේ වාර්තා වූ 6.8% සමග සසඳන විට ප්‍රතිශත අංක 0.5ක ඉහළ යාමක් බව වාර්තා වේ. එමෙන්ම, ආහාර උද්ධමනය ජූනි මාසයේ 3.6% සිට ජූලි මාසයේදී 6.3% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, ආහාර නොවන උද්ධමනය ජූනි මාසයේ 8.4% සිට ජූලි මාසයේදී 7.8% දක්වා පහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුළු මොහොතකට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම හිමිවෙයි

සුළු මොහොතකට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම හිමිවෙයි