දුම්රියේ හදිසි ප්‍රමාදයක්

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Nov 03, 2022 02:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් අද (03) උදෑසන කඳාන කපුවත්ත දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර වී තිබේ.

අද උදෑසන 4.40ට පමණ දුම්රිය නතර වී ඇත්තේ එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙනි.

කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය මේ වනවිටත් කපුවත්ත දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර ඒ හේතුවෙන් කොළඹ - හලාවකත අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.

මේ අතර, ‍කොළඹ කොටුව සහ මරදාන අතර සිදුවු දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පෙරේදා (01) සහ ඊයේ (02) දිනයේ දී කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය මාර්ගයේ දී දුම්රිය තුනක් පීලිපැනීමට ලක් වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha