හෙට (14) දිනයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවහොත් දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්..!

Curfew Sri Lanka Sri Lanka Railways
By Sewvandhi Jul 13, 2022 02:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වන විට බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) දිනයේත් ක්‍රියාත්මක වුවහොත්, බස්නාහිර පළාත තුළ දුම්රිය ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

එනම්,අද පෙරවරුවේ බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් ආරක්ෂක අංශවලට නියෝග කිරීමත් සමග බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන කටයුතු සීමා කෙරුණා.

එමෙන්ම, රට තුල උද්ගතවූ තත්ත්වයත් සමග කලහකාරි ලෙස හැසිරෙන පිරිස් සහ ඔවුන් ගමන් ගන්නා ලොරි රථ සහ ටිපර් රථ වහාම අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරන ලෙසයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශවලට නියෝග කර ඇත්තේ.

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමත් සමග පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන සියලු දුම්රිය ධාවනය නතර කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha