ප්‍රධාන මාර්ගයක දුම්රිය ගමනා ගමනය දින 03කට නවතා දමයි..

Report

මහනුවර සහ මාතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය ලබන සතියේ දින තුනකට අත්හිටුවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවන බවයි.

ඒ අනුව අගෝස්තු 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු 21 වැනිදා අලුයම 4 දක්වා මහනුවර සහ මාතලේ අතර දුම්රිය ධාවනය නොවන බව දැනුම්දෙනු ලැබේ.