අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්ගේ සංකේත වැඩවර්ජනය
By Shehan
විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර ඇත.
ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ, මෙම වැඩවර්ජනය පැය 48ක කාලයක් පුරා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
දුම්රිය රියදුරන් පවසන පරිදි, ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ව අවස්ථා ගණනාවකදී දැනුවත් කළ ද, මේ වන විටත් ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදී නොමැත.
ඊයේ (28) දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ මෙම ගැටලු සාකච්ඡා කළ බවත්, එහිදී පිළිගත හැකි විසඳුමකට එළඹීමට නොහැකි වූ බවත් චන්දන වියන්දූව මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාරවලට බාධා ඇතිවිය හැකි බවත්, මගීන්ට ඒ පිළිබඳව දැනුවත්ව සිටින ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.