විශ්වවිද්‍යාල ආරක්ෂකයෙකු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරුට
කිලිනොච්චිය, අරවියල්නගර්හි පිහිටි විශ්වවිද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු කෘෂි පීඨයේ දෙවන මහලින් බිමට ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෙම අනතුර ඊයේ (28) අළුයම් කාලයේ සිදුව ඇති බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව සහ එය සිදුවූ ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මරණකරුගේ ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල වෙත යවා ඇති අතර, විමර්ශනවලින් අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.