දුම්රිය ප්‍රමාදයක් ගැන දුම්රිය මඟීන්ට දැනුම්දීමක්..
Sri Lanka Railways
Train Crash
Accident
Department of Railways
Railways
By Aruna
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
අද (23) උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුවී තිබෙන බව වාර්තා වේ.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියේ සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියේ මගීන්, අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේදී දුම්රිය දෙකට මාරු කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.