මුව ආවරණ ගැන විමසූ දුම්රිය නියාමකට තරුණයින් දෙදෙනෙක් පහර දෙයි.(VIDEO)
Police
Train station
By Aruna
මුව ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයෙකුට තරුණයින් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.
ඒ, දෙහිවල දුම්රිය ස්ථානයේදීයි. වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් නතර කරන ලද අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිව තිබේ.
පසුව දෙහිවල පොලීසිය විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 20 සහ 27 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද දවසේ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
