දරුණු අනතුරක් - හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එංජිම පීලි පනී
අද (24) පස්වරුවේ මරදානේ සිට හික්කඩුව බලා දිනපතා ප.ව. 6.10ට ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එංජිම මරදානේදී පිලී පැනීමකට ලක්ව ඇත.
අදාළ දුම්රිය එංජිම අංගනයේ සිට මරදාන වේදිකාවේ නවතා ඇති එම දුම්රියේ මැදිරි වෙත ලඟා වීමේ දී මරදාන පාලම අසලදී මෙම පිලී ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.
එහි රෝද 4ක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක් අවහිරවී ඇති බව වාර්තා වේ.