දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් යළි විශේෂ අනතුරු ඇඟවීමක්..

Sri Lanka Train Picketing
By Aruna Jan 17, 2022 06:28 AM GMT
Aruna

Aruna

Report

ඕනෑම මොහොතක දුම්රිය වර්ජනයක් සිදුවිය හැකියි ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජන සිදුවිය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ, දුම්රිය ධාවනය කිරීමේදී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩකිරීම නිසා වැඩවර්ජනයකට සූදානම් වන බවයි.

එවැනි තත්ත්වයක් උදානොවීමට නම් බලධාරීන් ලබාදුන් පොරොන්දුවලින් ක්ෂණිකව ඉටුකළ හැකි පොරොන්දු ටිකවත් ඉටුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ නිසා පවතින ගැටලු මූලික කර ගෙන ඕනෑම අවස්ථාවක දුම්රිය වර්ජනයන් සිදුවිය හැකි නිසා බලධාරීන් අඩුම් තරමින් දුම්රියන් අවලංගු නොකර සියලුම තැපැල් දුම්රියන් හා සාමාන්‍ය දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමටවත් කටයුතු කළ යුතු බවද කසුන් චාමර මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now