දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ බිහිසුණු දුම්රිය අනතුර - 15ක් ජිවිතක්ෂයට.. 50කට අධික ප්‍රමාණයක් තුවාල ලබයි.. එහි නවතම තත්ත්වය.. (විදෙස්/VIDEO)
Pakistan
Accident
Death
By krishani
අද (06) ගිනිකොනදිග පකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අනතුරින් දුම්රිය මැදිරි 10ක් පීලි පැන ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කළේ ය.
ඒ හසාරා සීඝ්‍රගාමී දුම්රිය කරච්චි සිට රාවල්පින්ඩි බලා ධාවනය වෙමින් තිබූ අතර නවාබ්ෂාහිදී මෙලෙස පීලි පැනීමට ලක් වී තිබෙනවා.
ඒ මොහොතේ දුම්රියේ මගීන් විශාල ප්‍රමාණයක් ගමන් කර ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
මේ අතර, 2021 දී එරට දුම්රියක් පීලි පැනීමෙන් සහ තවත් සීග්‍රගාමී දුම්රියක එය ගැටීමෙන් 60 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගියේ ය.
විඩියෝ අයිතිය - Al Jazeera English Y-Tube Channel
