දුම්රියේ යතුරුපැදියක් ගැටී බිහිසුණු අනතුරක්..
By Aruna
හබරණ ගල්කඩවල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (15) පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පිය පුතු දෙපළක් වන අතර එහිදී වයස අවුරුදු 70ක් වන පියා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට හබරණ රෝහලේ තැන්පත් කර තිබෙන බවයි පැවසෙන්නේ.
පොලිසිය පැවසුවේ, මෙම අනතුරින් තුවාල ලැබූ පුත්‍රයා ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
හබරණ පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.