කාලෙකට පස්සේ සුභ ආරංචියක් !

By Hashan May 12, 2025 12:04 PM GMT
Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇති පරිදි 2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910 කි.   

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වී ඇත.   

සුපුරුදු පරිදි ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහළ යාමක් මේ වනවිට වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙත දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ද මේ වන විට 5,000 මට්ටමින් පහළට පැමිණ ඇත.

කෙසේ නමුත් මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.

ඉන්දු පකිස්තාන් සටන් විරාමය ගැන සතුටු වන පාප් වහන්සේ

ඉන්දු පකිස්තාන් සටන් විරාමය ගැන සතුටු වන පාප් වහන්සේ

2023 වසරේ දී මෙම ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වේ.

2025 මැයි මුල් සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 33,910කි.

ශ්‍රී ලංකා මහා බැංකුව පවසන පරිදි 2025 ජනවාරි - අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් වන බවයි.

එය 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 10.2%ක වර්ධන ප්‍රමාණයකි .

තීරු බදු අඩු කරන්න චීනය සහ ඇමරිකාව එකඟ වෙයි.

තීරු බදු අඩු කරන්න චීනය සහ ඇමරිකාව එකඟ වෙයි.