ගාසා තීරයේ ඉරණම ලෙබනනයටත්? දේශසීමාවෙන් එහාට කිලෝමීටර් 10ක් ඊශ්‍රායල පාලනයට

Report

හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් දින කිහිපයකට පසුව, ඊශ්‍රායලය ඊයේ (19) දකුණු ලෙබනනයේ නව දේශසීමා රේඛාවක් සලකුණු කරමින් සිතියමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙම නව ස්වාරක්ෂක කලාපය දේශසීමාවෙන් කිලෝමීටර් 5 සිට 10 දක්වා විහිදී ඇති අතර, එය තුළ ලෙබනනයේ ගම්මාන කිහිපයක් ඊශ්‍රායල පාලනය යටතට පත්ව ඇති බව සඳහන් වේ.

උතුරු ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ඊශ්‍රායල පාර්ශවය පවසයි.

ඉරානය සහ අමෙරිකාව අතර යුද ගිනි ඇවිලේ - නෞකාව අල්ලා ගැනීම ගැන ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්

ඉරානය සහ අමෙරිකාව අතර යුද ගිනි ඇවිලේ - නෞකාව අල්ලා ගැනීම ගැන ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්

මේ අතර, දේශසීමා ගම්මානවල හිස්බුල්ලා විසින් භාවිතා කර ඇති බවට සැක කෙරෙන නිවාස සහ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට සැලකෙන මාර්ග විනාශ කරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් අනතුරු ඇඟවීමක් කර ඇත.

රොයිටර් පුවත් සේවය අනුව, මාර්තු 2 සිට පවතින ගැටුම් හේතුවෙන් ලෙබනන් පාර්ශ්වයෙන් 2,100කට අධික පිරිසක් මියගොස් ඇති බවද වාර්තා වේ.

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි