අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි

Report

අවුරුදු සමය නිමිත්තෙන් මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මගීන් එක්ලක්ෂ පනස් පන්දහකට ආසන්න ප්‍රමාණයක් සිය සේවා සපයා ගෙන තිබේ.

මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ කලමණාකාර සහකාර නිමල් වෙත්තසිංහ මහතා පැවසුවේ පසුගිය 8 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා මෙම මගීන් සංඛ්‍යාව සිය ප්‍රවාහන අවශ්‍යතා මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ලබා ගෙන ඇති බවය.

ඉන්දීය උප ජනපති නුවරඑළියට

ඉන්දීය උප ජනපති නුවරඑළියට

මේ සඳහා 2,600කට අධික බස් රථ ප්‍රමාණයක් මාකුඹුර මගී පර්යන්තයෙන් මගීන්ගේ ගමන් පහසුව සඳහා යොදවා ඇති බවත් පැවසූ ඒ මහතා ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ලංගම, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය එක්ම මෙම බස් රථ මගීන්ගේ ගමන් පහසුව සඳහා යොදවා ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම මේ දක්වා ගමන්ගත් කාලසටහන්වල වෙනසක් ඇති කරමින් පසුගිය දින කිහිපය තුළ බස් රථ ධාවනය කළ බවත් පැවසූ ඒ මහතා හෙට (21) දිනයේ සිට සාමාන්‍ය කාලසටහන් අනුව බස් රථ ධාවනයට පියවර ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මිනිස් ඝාතන 48ක මහා මොළකරු 'කරන්දෙණියේ රාජු' ගේ පැටිකිරි ටික මෙන්න

මිනිස් ඝාතන 48ක මහා මොළකරු 'කරන්දෙණියේ රාජු' ගේ පැටිකිරි ටික මෙන්න