නෙළුව - මොරවක මාර්ගයේ දරුණු අනතුරක්
නෙළුව - මොරවක මාර්ගයේ ලේල්වල, ගුරුදියපත මන්සන්ධිය ආසන්නයේදී අද (20) පෙරවරුවේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පෙරවරු 8.10ට පමණ සිදුවූ මෙම අනතුරට හේතුවී ඇත්තේ යතුරුපැදිකරුවන් මාර්ගයේ දකුණු පසට බරව අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ නෙළුව ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණයින් දෙදෙනෙකි.
තුවාලකරුවන් නෙළුව ප්‍රාදේශීය රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර, ඔවුන්ගේ හිසට, පාදවලට සහ ශරීර අභ්‍යන්තරයට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
නෙළුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.