රුපියල් 2000ක ඔට්ටුවකට බූරු පොළක ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු මරුට
බලංගොඩ, සීතගල හංදිය ප්‍රදේශයේ දී පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඒ වගේම රුපියල් 2000ක ඔට්ටුවක් හේතුවෙන් බූරු පොළක ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.
එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් තිබේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන සීතගල රාස්සගල බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පිය - පුතු දෙපළක් එක්ව මෙම පහරදීම සිදු කර ඇති බව දැනට සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
කෙසේවෙතත් පහරදීමට අදාළව සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මේ අත්අඩංගුවට සැකකරුවන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත පොලීසිය සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳාහා විමර්ශන ක්‍රියාත්මක බවයි .