පාඨලී දුර­ක­ත­නය භාර දෙන්න බෑ කියයි

Report

හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් මෙන්ම එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාඨලී චම්පික රණ­වක මහතා විසින් පැදවූ ජීප් රථ­යක් රාජ­ගි­රිය ප්‍රදේ­ශ­යේදී යතුරු පැදි­යක ගැටී 2016 වස­රේදී සිදුවූ රිය අන­තුර සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණයේ විභා­ග­ වන නඩු­වක සාක්ෂි­ක­රු­ව­කුට කළ බල­පෑ­මක් සම්බ­න්ධ­යෙන් “වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් සම්බන්ධ ආර­ක්ෂක කොට්ඨා­සය” විසින් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

 මෙම විමර්ශනයට අදාළව පාඨලී චම්පික රණ­වක මහ­තාගේ ජංගම දුර­ක­ත­නය විම­ර්ශන කට­යුතු සඳහා භාර­දෙන ලෙස එම කොට්ඨා­සය ඔහුට දැනුම් දී ඇත. පාඨලී චම්පික රණ­වක මහතා සිය ජංගම දුර­ක­ත­නය එම කොට්ඨා­ස­යට භාර­දීම ප්‍රති­ක්ෂේ­ප­කර ඇති බව වාර්තා වේ.

“ වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් සම්බන්ධ ආර­ක්ෂක කොට්ඨා­සයේ“ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ලලිත් රෝහණ ගමගේ මහතා සදහන් කළේ ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය විසින් දී ඇති නියෝ­ග­ය­කට අනුව ඔහු ලබන 29 වැනිදා සිය ජංගම දුර­ක­ත­නය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ඇතැයි විශ්වාස කරන බවයි .

තවද එම අනතුර සම්බන්ධව සම්බ­න්ධ‍යෙන් මහා­ධි­ක­ර­ණයේ විභාග වන නඩුවේ සාක්ෂි­ක­රු‍ව­කුට කළ බව කියන තර්ජ­නය කිරී­මක් සහ බල­පෑ­මක් සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් එම සාක්ෂි­කරු විසින් “ වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් සම්බන්ධ ආර­ක්ෂක කොට්ඨා­සය“ට කර ඇති බව ද ලලිත් රෝහණ ගමගේ මහතා සදහන් කර තිබේ.

ලොවට අවිහිංසාවාදී පණිවිඩය රැගත් සාම පා ගමන හෙට ඇරඹේ

ලොවට අවිහිංසාවාදී පණිවිඩය රැගත් සාම පා ගමන හෙට ඇරඹේ

  ඒ අනුව පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර­මින් සැක­ක­රු­වෙක් ඉකුත් පෙබ­ර­වා­රියේ දී අත්අ­ඩං­ගු­වට ගත් බව එම කොට්ඨා­සය සඳ­හන් කරයි.

එම සැක­කරු පාඨලී චම්පික රණ­වක මහ­තාගේ සමී­ප­ත­ම­යෙක් බව සඳ­හන්ය.

එම සැක­ක­රුට අයත් දුර­ක­ත­න­යක් පරීක්ෂා කිරී­මේදී, එම සැක­කරු සහ චම්පික රණ­ව­කගේ දුර­ක­ත­නය අතර මකා දැමූ වට්ස්ඇප් හුව­මාරු කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් සැක­යක් ඇතිව තිබේ. මෙම විම­ර්ශ­නයේ වැද­ගත් සාක්ෂි­යක් එසේ මකා දමා ඇතැයි සැක  කරනු ලබයි


මේ සම්බ­න්ධ­යෙන් වූ වැඩි­දුර විම­ර්ශන කොළඹ අප­රාධ කොට්ඨා­සයට ඒත් සමඟ පවරා ගෙන තිබේ

කොළඹ අප­රාධ කොට්ඨා­සය පාඨලී චම්පික රණ­වක මහ­තා­ගෙන් මාර්තු 16දා පැය 05කට අධික කාල­යක් ද ප්‍රශ්න කර ප්‍රකාශ සට­හ­න්ක­ර­ගෙන තිබේ.

ලොවට අවිහිංසාවාදී පණිවිඩය රැගත් සාම පා ගමන හෙට ඇරඹේ

ලොවට අවිහිංසාවාදී පණිවිඩය රැගත් සාම පා ගමන හෙට ඇරඹේ

ඒ සම්බ­න්ධ­යෙන් වූ විම­ර්ශන නැව­තත් “ වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් සම්බන්ධ ආර­ක්ෂක කොට්ඨා­සය“ වෙත භාර දී ඇති බැවින් පාඨලී චමි­පික රණ­වක මහ­තාගේ ජංගම දුර­ක­ත­නය විම­ර්ශන කට­යුතු සඳහා භාර­දෙන ලෙස දැනු­ම්දුන් බව එම කොට්ඨා­සය සඳ­හන් කරයි. මෙලෙස ජංගම දුරකතනය භාර­දීම පාඨලී චම්පික රණ­වක මහතා විසින් ප්‍රති­ක්ෂේප කිරී­මත් සමඟ දිගින් දිග­ටම එය ලබා­ගැ­නී­මට “ වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් සම්බන්ධ ආර­ක්ෂක කොට්ඨා­සය“ දැඩි උත්ස­හ­ය­කද නිර­තව ඇත.

අන­තු­රුව එය අධි­ක­ර­ණ­යට භාර­දී­මට අමා­ත්‍ය­ව­රයා අධි­ක­ර­ණය හමුවේ එකඟ වී ඇති බව වාර්තා වේ ඒ අනුව වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් සම්බන්ධ ආර­ක්ෂක කොට්ඨා­සය“ සඳ­හන් කරන්නේ ලබන 29 වැනිදා අධි­ක­ර­ණ­යට දුර­ක­ත­නය ඉදි­රි­පත් කරනු ඇති බව විශ්වාස කරන බවයි. එම දුර­ක­ත­නය අධි­ක­රණ නියෝ­ග­ය­කින් රජ‍යේ රස පරී­ක්ෂක වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

ඒ වෝහා­රික පරී­ක්ෂා­වක් සඳ­හා වේ තවද අත්අ­ඩං­ගු­වට ගෙන ඇති සැක­කරු සහ පාඨලී චම්පික රණ­වක මහ­තාගේ ජංගම දුර­ක­තන අතර සාක්ෂි­ක­රුට බල­පෑම් කිරී­මට අදා­ළව යම් පණි­වුඩ හුව­මා­රු­වක් වී තිබේ­දැයි එහි දී විශ්ලේ­ෂ­ණ­යක් කරනු ඇත.

සාක්ෂි­ක­රුට බල­පෑම් කළ බව කියන සැක­කරු ඒ වන විට දේශ­පා­ලන හේතු­වක් මත එක්සත් ජන­රජ පක්ෂ­යෙන් ඉවත්ව ගොස් පාඨලී චමි­පික රණ­වක මහතා සමඟ හිත්තැ­වු­ලෙන් සිට ඇති බව ද වාර්තා වේ