ඉන්දු පකිස්තාන් සටන් විරාමය ගැන සතුටු වන පාප් වහන්සේ

Pakistan India World Sinhala news
By Mithu May 12, 2025 11:29 AM GMT
Mithu

Mithu

Report

සිය පළමු ඉරිදා දේශනයේදී, 14 වැනි ලියෝ පාප් වහන්සේ ලොව පුරා සාමය වෙනුවෙන් කැපවන්නැයි ආයාචනා කළා. ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද ගැටුම් මෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමය පිළිබඳ ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය දේශනයේ දී විශේෂයෙන් සඳහන් කළා.

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමයක් ඇති වීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ පාප් වහන්සේ ඉදිරි සාකච්ඡා දෙරට අතර කල් පවතින එකඟතාවකට තුඩු දෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළා. “ආදරණීය යුක්රේන ජනතාවගේ දුක් වේදනා මම මගේ හදවතේ දරා සිටිමි,” 14 වැනි ලියෝ පාප්වහන්සේ පැවසුවේ, යුක්රේනයේ “හැකි ඉක්මනින් සත්‍ය, යුක්තිසහගත සහ කල් පවතින සාමයක්' ඉල්ලා සිටිමින්.

 ගාසා තීරය සම්බන්ධයෙන්, පවතින ගැටුම පිළිබඳව පාප් වහන්සේ දැඩි ශෝකය පළ කළ අතර වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියා. "1 ගාසා තීරයේ සිදුවෙමින් පවතින දේ ගැන මම අතිශයින් කනගාටු වෙනවා. වහාම වෙඩි තැබීම නවත්වන්න! වෙහෙසට පත්ව සිටින සිවිල් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙන්න, සහ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න,” උන්වහන්සේ ඉල්ලා සිටියා.

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

ReeCha