ලෝකයටම භයානක තත්වයක් - රොබෝවරුන් මිනිසුන් අභිබවා යයි
චීනයේ තාක්ෂණික දියුණුව ලොවටම පෙන්වමින්, බීජිං නුවර පැවැති අර්ධ මැරතන් තරගයකදී මානවරූපී රොබෝවරුන් මිනිස් වේගය අභිබවා යමින් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය රොබෝ තාක්ෂණයේ දැවැන්ත පිම්මක් ලෙසයි. තරගය ජයග්‍රහණය කළ Honorr සමාගමේ රොබෝවරයා කිලෝමීටර් 21ක දුර මිනිත්තු 50යි තත්පර 26කින් අවසන් කළ අතර, එය වත්මන් මිනිස් ලෝක වාර්තාවට වඩා බෙහෙවින් වේගවත් වීම විශේෂත්වයකි.
මෙවර තරගයට එක්වූ රොබෝවරුන්ගෙන් 40%කටම කිසිදු බාහිර පාලනයකින් තොරව ස්වයංක්‍රීයව ධාවනය වීමද විශේෂයට ලක්විය.
පසුගිය වසරේ ජයග්‍රහී රොබෝවරයා තරගය නිම කිරීමට පැය 2යි මිනිත්තු 40ක් වැය කළ අතර, වසරක කාලයකින් රොබෝවරුන්ගේ වේගය විශාල ලෙස වර්ධනය වී තිබෙන බව පැහැදිලි වේ.
කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගනිමින් මානව ගමන් විලාසය අනුකරණය කිරීමට ඔවුන්ට ඇති හැකියාව මෙහිදී මනාව පෙන්වුණි. රොබෝවරුන් මිනිසුන් සමග එකම මාවතේ ධාවනය වෙමින්, බාධක මග හරිමින් ඉතා දක්ෂ ලෙස තරගය නිම කිරීමට සමත් වී තිබේ.
මෙම සිදුවීම රොබෝ තාක්ෂණයේ අනාගතය ගැන ලොවටම බලවත් සංඥාවක් ලබා දී තිබේ.