සංචාරකයින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන බවට චෝදනාවක්

tourist sinhala news srilanka news knukles
By Gagana Nov 17, 2021 10:20 AM GMT
Gagana

Gagana

Report

මාතලේ රිවස්ටන් ඇතුළු කනල්ස් සංචාරක කලාපයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේදිනවල සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා.

පිටවල පතන, සේරඇල්ල, බඹරගිලි ඇල්ල ආදී ස්ථානවල සංචාරකයින් වැඩි වශයෙන් දැකිය හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණෙන ඇතැම් සංචාරකයින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන බවත්, අවිධිමත් ලෙස කසල බැහැර කරන ආකාරය ද දක්නට ලැබෙන බවත් නෙත් නිවුස් වාර්තකාරු පැවසුවා. එළෙඹෙන සති අන්තයේදි සංචාරකයින් තවත් විශාල පිරිසක් එම ප්‍රදේශ වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නකල්ස් සංචාරක කලාපය වෙත පැමිණෙන පුද්ගලයින්ගෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම ප්‍රදේශය වෙත පැමිණෙන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha