සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවසර

By Sewvandhi Dec 10, 2021 11:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකට සිට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.

ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසෝතො සහ එස්වාටිනී රටවල සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබෙන බවය.

නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හමුවීමෙන් අනතුරුව ලොව බොහෝ රටවල් එක කලාපයේ සිට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් පැනවිය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW