සංචාරක ක්ෂේත්‍රය ගැන අහන්න සතුටු ආරංචියක් - වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී
By Kanchana
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර තිබේ.
එම අධිකාරිය සඳහන් කළේ ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 22 දක්වා කාලය තුළ සංචාරකයින් 840,411ක් දිවයිනට පැමිණ ඇති බවයි.
ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 176,465ක් වේ.
එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවය.