මෙහෙමත් ලාභයක්.. වතුර බෝතලයකින් රුපියල් 330ක ලාභයක් ගන්න ගිය සංචාරක හෝටලය

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයට අනුබද්ධ සංචාරක හෝටලයකින් රුපියල් 70 කට අලෙවි කළයුතු පානීය ජල බෝතලයක් රුපියල් 400 කට අලෙවි කිරීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මිලි ලීටර් 500 ක පානීය ජල බෝතලයක් අලෙවි කළයුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70 ක් වුවද, මෙම සංචාරක හෝටලය විසින් එම ප්‍රමාණයේ පානීය ජල බෝතල් දෙකක් සඳහා රුපියල් 800 ක මුදලක් අයකර ඇත.

පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩිවේ මෙන්න විස්තරේ

පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩිවේ මෙන්න විස්තරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මේ සම්බන්ධව ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

අදාළ බිල්පතෙහි බෝතල් කළ පානීය ජලය ලෙස (Bottled Drinking Water) ලෙස සඳහන් කළ යුතු වුවත්, එහි පානීය ජල බෝතල් දෙක Mineral Water ලෙස සඳහන් කර ඇත.

මේ සම්බන්ධවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අවධානය යොමුවී තිබෙනවා. 

මේ ප්‍රදේශ වල අය දැන්ම පරිස්සම් වෙන්න - රුදුරු කාලගුණයක් මෙන්න

මේ ප්‍රදේශ වල අය දැන්ම පරිස්සම් වෙන්න - රුදුරු කාලගුණයක් මෙන්න