පොලීසිය බලාගෙන ඉඳියි - ‘සාන් සුද්දා’ පලා යයි

Police spokesman Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news
By Shehan Jun 03, 2025 07:15 AM GMT
Shehan

Shehan

Report

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ 'සාන් සුද්දා' නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලෙන් අද (03) උදෑසන පලාගොස් ඇතැයි වාර්තා වේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි 30 වන දින වැල්ලවාය නගරය ආසන්නයේ විශේෂ වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මහවෙලමුල්ලේ සාන් සුද්දා හෙවත් සම්පත් කුමාර පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

එම අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කළ බැවින්, පොලිසිය විසින් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවන ලදී.

Aishwarya එක්ක Stage එක Share කළ අපේ සුරූපිණිය ගැන හෙළිවුණු රහස්!

Aishwarya එක්ක Stage එක Share කළ අපේ සුරූපිණිය ගැන හෙළිවුණු රහස්!

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු අද උදෑසන පලාගොස් ඇති බව වාර්තා වේ.

පලාගිය සැකකරු අත්අඡංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ආයෙ අල්ලස් ගත්තොත් වැඩ වරදී...ගන්නවා දැක්කොත් වහාම දැනුම් දෙන්න දුරකථන අංකයක්

ආයෙ අල්ලස් ගත්තොත් වැඩ වරදී...ගන්නවා දැක්කොත් වහාම දැනුම් දෙන්න දුරකථන අංකයක්

ReeCha