මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

Report

නිළි රැජිණියගේ අභාවයත් සමඟ වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයක් තමයි චන්දික නානායක්කාර කියන්නේ. ඔහු සම්බන්ධයෙන් තාමත් කතා ලියවෙනවා.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

ඒ සටහන් අතරෙ චන්දික විසින් මීට පෙර මාලිනීය ගැන කියපු කතා ටිකක් මේ වන කොට හුවමාරු වෙනවා.

ඒ අතරෙ සංවේදී ලෙස චන්දික පැවසූ ඇතැම් දේ ඔහුගේ හිත මිතුරන් විසින් හෙළි කරලා තියෙනවා. ඒ,

”ඇය එක්ක මම සිටියත්, මම කවදාවත් ඇය සහභාගි වන උත්සව අවස්ථාවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නැහැ. මම එහෙම කරන එක හරි නැහැ කියලා මට හිතුණා. මම ඇත්තටම ඇගේ නමට කිසිදු හානියක් වන එකට කැමති වුණේ නැහැ.”

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

ඒ වගේම චන්දික, මාලනීයගේ අවසන් දින කිහිපය ගැනත් අදහස් දක්වලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ,

”අවසාන දින කීපයේදී ඇය හිටියෙ දැඩි අසනීප තත්ත්වයකින්. ඉතින් ඔය කියන රාත්‍රියේ එකපාරටම ඇය අවදි වෙලා කිව්වලු ‘චන්දික ආවද. චන්දිකට එන්න කියන්න’ කියලා. ඒත් ඇය ළඟ හිටපු හිතවත් නර්ස්ලා ඒ සම්බන්ධව එච්චරටම හිතලා නෑ. මේ සිද්ධිය වෙද්දි රෑ 12ට වගේ ඇතිලු. ඉතින් වරක් දෙවරක් නෙමෙයි කීප අවස්ථාවක්ම මගේ නම අහලා තිබෙනවා. පස්සෙදි ළඟට කවුරු හරි ආවමත් මේ කවුද චන්දිකද කියලා අසිහියෙන් වගේ අහලා තියෙනවා. ඔන්න ඔය වෙලාවේ තමයි ළඟ හිටපු අය අහලා තියෙන්නෙ කාටද මැඩම් එන්න කියන්නෙ කියලා. එතකොට තමයි ‘චන්දික නානායක්කාර’ කියන සම්පූර්ණ නම කියලා ‘එයාට එන්න කියන්න. මට එයාව තුරුළු කරගන්න ඕන’ කියලා දන්වලා තියෙන්නෙ. ඒත් පහුවෙනිදා එළිවනතුරු මේ අය ඒ ගැන වැඩිපුර හිතලා නැහැ. උදේ තමයි ඒ ළඟ හිටපු නර්ස්ලා චාන්දනී කියන මිස්ට මේ ගැන කියලා තියෙන්නෙ. ඇය ඒ පාර කලබල වෙලා දැන්වූයේ. ඇත්තටම ඒ වෙද්දි මාලිනියට හුඟක් අමාරුයි. උදේ අපිට කතා කරලා ICU එකට දාන්නද කියලත් ඇහුවා. එයින් පසුව තමයි ඒ දවසේ රෑ සිහිය එන්නෙ නැතිවම නැතිවුණේ. මං හිතනවා අර මාව හෙව්වෙ අවසන් වතාවට හරි මාව බලන්න ඕන කියන සිතුවිල්ල ආපු නිසා වෙන්න ඇති කියලා. ඇත්තටම මේ දෙයින් මමත් හුඟක් සංවේදී වුණා….” යනුවෙන්. 

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...