අද දිනයේ ආසාදිතයන් ගණන තවත් වැඩිවේ

Covid-19
By Thaya Jan 02, 2021 06:38 PM GMT
Report

අද (31) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 171ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 105ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 66ක් වන බව ඔහු පැවසීය

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 592ක් වේ.

ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 39,571කි.