අවදානයෙන්ම ඉන්න - ප්‍රදේශ රැසකට කළ දැනුම්දීම මෙන්න
Department of Meteorology
TN Weather
Weather
By Zara
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.
හෙට දින (14) දහවල් 12:10 ට ඩෙල්ෆ්, පුනරින්, අලිමංකඩ සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
[DT5V33S
