අලුත් අවුරුදු නැකැත් සීට්ටුව – 2025

Report

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වැනි ඉරිදා දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි සඳුදා පූර්ව භාග 03.21 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි පුන්‍ය කාලය අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වෙනිදා පූර්ව භාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර පාන අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කටක ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කටක ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 04.04 ට තඹ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ග ද දී කිරි සහ විළඳ පිළියෙල කර ගැනීම මැනවි වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා අනුභවය අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 06.44 ට මුතු/ ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි බදාදා පුර්ව භාග 09.04 පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත්‍ර මිශ්‍ර නානු ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම

අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කොට උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි.   

පැළ සිටුවීම

අප්‍රේල් මස 18 වෙනි සිකුරාදා පුර්ව භාග 10.16 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා පැළ සිටුවීම මැනවි.

අවුරුදු උදාවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කල දැනුම්දීම

අවුරුදු උදාවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කල දැනුම්දීම

[GGU1FO2