මෙන්න ජනතාවට කාලගුණය ගැන විශේෂ නිවේදනයෙක්..

Report

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි

බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

අද මේ ලග්න හිමියන්ට සුබපල ගෙනෙන සමාජයෙන් සැළකිලිත් ලැබෙන දවසක්

අද මේ ලග්න හිමියන්ට සුබපල ගෙනෙන සමාජයෙන් සැළකිලිත් ලැබෙන දවසක්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. 

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා