අද ආසාදිත ගණන දෙවැනි වරටත් ඉහළ යයි..
Covid-19
Shavendra Silva
By Thaya
අද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 140ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 300ක් වේ.
ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,643ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 83,210කි.