අද මේ ලග්න හිමියන් අතගහන හැම දේටම හිතා ගන්න බැරි තරමට සුබයි - උසස්වීම්, වැටුප් වර්ධක එක්ක සතුටු ආරංචිත් රැසක්

Report

මේෂ - ප්‍රවේශම් වන්න

ලග්නයෙන් දෙවැන්නේ සඳු ගෝචරය වන අද දින, තමා අපේක්ෂා කළ මුදලක් හෝ ලාභයක් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් සිතට දැඩි පීඩනයක් දැනිය හැක. එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට පවා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. බැංකු කටයුතු වලදී ලියකියවිලි දෝෂ මතු විය හැක.

වෘෂභ - මිශ්‍රයි

ලග්නයෙන් පළමුවැන්නේ සඳු ගෝචරය වන අද දින, පවුලේ සාමාජිකයන් සමඟ කටයුතු කිරීමේදී සුළු සුළු මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අනවශ්‍ය වියදම් යෙදීමට ඉඩ ඇති බැවින් මුදල් පරිහරණය කිරීමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත්ය. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා

මිථුන - ප්‍රවේශම් වන්න

ලග්නයෙන් දොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන නිරර්ථක ගමන් බිමන් කීපයක් යෙදෙන දවසකි. ඒ හේතුවෙන් ඔබගේ වටිනා කාලය සහ ශ්‍රමය මෙන්ම මුදල් ද අපතේ යා හැක. එබැවින් හදිසි ගමන් යෙදෙන්නේ නම්, එම කටයුතු කලින් නිසි ලෙස සැලසුම් කරගැනීමට වගබලා ගන්න.

කටක - ඉතා ශුභයි

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, රැකියා ස්ථානයේ උසස්වීම්, වැටුප් වර්ධක හෝ විශේෂ දීමනා අපේක්ෂා කළ අයට ඉතා සතුටුදායක ආරංචි අසන්නට ලැබේ. අද දින ඔබ ආරම්භ කරන ඕනෑම කටයුත්තකින් හෝ ව්‍යාපාරික ආයෝජනයකින් ඔබට දිගුකාලීන ලාභ ප්‍රයෝජන නිසැකවම අත්වනු ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

සිංහ - ශුභයි

ලග්නයෙන් දහවැන්නේ සඳු ගෝචරය වන අද දින, රජයේ කටයුතු වලින්, ටෙන්ඩර් වලින් හෝ කොන්ත්‍රාත් වැඩ වලින් විශේෂ ආර්ථික වාසි අත්වීමට ඉඩ කඩ ඇත. නව රැකියා අපේක්ෂිතයින්ට සහ රැකියා සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන අයට ඉතා සුබදායක ආරංචි ඇසීමට ලැබෙන සාර්ථක දිනයකි.

කන්‍යා - මිශ්‍රයි

ලග්නයෙන් නවවැන්නේ සඳු ගෝචරය වන අද දින, පපුවේ අමාරු, හුස්ම ගැනීමේ සුළු අපහසුතා හෝ ඇදුම රෝග ලක්ෂණ මතු විය හැකි බැවින් පරිස්සම් වන්න. දූවිලි සහිත ස්ථාන සහ අධික ශීතල පරිසරයන්ගෙන් ඈත් වී සිටීම මගින් මෙම සෞඛ්‍ය ගැටළු බොහොමයක් කල්තියා වළක්වාගත හැකිය.

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්

තුලා - ඉතා ප්‍රවේශම් වන්න

ලග්නයෙන් අටවැන්නේ සඳු ගෝචරය වන අද දින, ඔබගේ දියුණුවට බාධා කරන රහස් සතුරන්ගේ ක්‍රියාකාරකම් අද දින ඉතා ප්‍රබල වේ. අන් අයගේ මිහිරි කතා වලට රැවටීමෙන් හෝ කේලම් ඇසීමෙන් තමාගේ සමීපතමයන් සමඟ පවා බරපතල රණ්ඩු දබර ඇතිවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.

වෘශ්චික - ශුභයි

ලග්නයෙන් හත්වැන්නේ සඳු ගෝචරය වන අද දින, සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිවන අතර අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවේ. අලුත් මිතුරන් හමුවීමට සහ ඔබට වාසිදායක වන සමාජ සබඳතා ගොඩනගා ගැනීමට උචිත අවස්ථා රැසක් අද දිනය තුළ ස්වභාවිකවම උදාවනු ඇත.

WhatsApp අලුත් වෙයි - WhatsApp භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්

WhatsApp අලුත් වෙයි - WhatsApp භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්

ධනු - ඉතා ශුභයි

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින, තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ සහ නීතිමය ගැටළු වලින් ඔබ බලාපොරොත්තු වූවාටත් වඩා විශිෂ්ට ජයග්‍රහණ හිමිවේ. ඔබගේ උත්සාහයට සහ කැපවීමට ඉහළ වටිනාකමක් සහ නිසි ප්‍රතිඵල අද දිනයේදී අනිවාර්යයෙන්ම ලබාගැනීමට හැකිවනු ඇත.

මකර - මිශ්‍රයි

ලග්නයෙන් පස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, ප්‍රේම සම්බන්ධතා වල නිරත වී සිටින අයට අද දිනය මිශ්‍ර ප්‍රතිඵල උදා කරයි. සුළු අදහස් නොගැළපීම් හේතුවෙන් සිත් රිදවීම් ඇතිවිය හැක. අනවශ්‍ය සැක කිරීම් වලින් සහ අතීතය හාරා ඇවිස්සීමෙන් ඈත් වී, විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න.

ලංකාවට මහ බැංකු අධිපතිගෙන් ඊළඟ අවුරුද්දටත් රතු එළියක් - උද්ධමනය ඉදිරියටත් ඉහළ මට්ටමකම තිබෙන බවට පුරෝකථනයක්

ලංකාවට මහ බැංකු අධිපතිගෙන් ඊළඟ අවුරුද්දටත් රතු එළියක් - උද්ධමනය ඉදිරියටත් ඉහළ මට්ටමකම තිබෙන බවට පුරෝකථනයක්

කුම්භ - ප්‍රවේශම් වන්න

ලග්නයෙන් හතරවැන්නේ සඳු ගෝචරය වන අද දින, පපුවේ අමාරු, ඇදුම, පෙනහළු ආශ්‍රිත රෝග හෝ අධික සෙම් ප්‍රතිශ්‍යා තත්ත්වයන් ඇතිවීමට ඉඩ කඩ පවතී. සීතල ජලය භාවිතයෙන් සහ දූවිලි සහිත පරිසරයන්ගෙන් ඈත් වී සිටීම මගින් මෙම සෞඛ්‍ය ගැටළු බොහොමයක් මගහරවා ගත හැකිය.

මීන - ඉතා ශුභයි

ලග්නයෙන් තුන්වැන්නේ සඳු ගෝචරය වන අද දින, ඔබට එරෙහිව ක්‍රියා කළ සතුරන් හෝ ප්‍රතිවාදීන් පරාජය කර පෙරමුණට පැමිණීමට හැකියාව ලැබේ. තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ සහ නීතිමය කටයුතු වලින් විශිෂ්ට ජයග්‍රහණ හිමිවන බව පෙනෙන්නට තිබේ. මානසික නිදහස අත්වේ.

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට