අද නිකිණි පුර පසළොස්වක පොහොයයි
ශාසනික ලෙස ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අද (08) දිනට යෙදී ඇත.
ඒ අනුව අද වන් දිනක ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සිදුවීම සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් දරයි.
එසේම පන්සල සහ ගිහියන් අතර ඇති සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය වැදගත් වේ.
ඊට අමතරව මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර අද දින රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.