ජීවන් කුමාරණතුංග ගැන ඇහෙන අළුත්ම කතාව.
ජීවන් කුමාරණතුංගයන්ගේ උපන්දිනය 1958 නොවැම්බර් 7 වෙනි දා වේ. අදත් 2025 නොවැම්බර් 7 වෙනිදාය. එනම් අද ඔහුගේ ජන්ම දිනයයි
ඔහු ගැන ඔබ නොදත් බොහෝ ඇත මෙලෙස දක්වන්නේ ඉන් බිදකි.
කෝවිලගේ ජීවන් කුමාරණතුංග, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ අද්විතීය දස්කම් පෑ නළුවෙකි. ඔහු පසුව දේශපාලනඥයෙකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සේවය කලේය.
ඔහු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ සමීප ඥාතියෙක් වන අතර නළුවෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංගගේ බෑණනුවන් වේ. උපන් ගම සීදූවයි. ඔහුගේ පියා සිඩ්නි කුමාරණතුංග ද චිත්‍රපට නළුවෙකි. සිඩ්නිගේ සොහොයුරා වූ විජය කීර්තිමත් නළුවෙක් සහ දේශපාලනඥයෙක් විය.
ජීවන් සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේ කොළඹ කේරි විද්‍යාලයෙනි. ජීවන් 1986 සිට විවාහ වී සිටින්නේ ෂෙරින් සමඟ වන අතර ඔවුන්ට මල්ෂා සහ මලීෂා නමින් දියණියන් දෙදෙනෙකුද හර්ෂමාන නමින් එක් පුතෙකුද සිටී.
ඒවගේම කුමාරණතුංග මහතාගේ දියණිය වන මල්ෂා 2014 වසරේ බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික් අසුනට සාර්ථකව තරග කළාය.
ඔහුගේ මාමා වන විජය කුමාරතුංගයන් සමගින් රංගනයට එකතු විය.
ඔහුගේ මංගල සිනමා රංගනය තනි තරුව සිනමාපටයයි. ඔහුගේ පළමු තිරගත වූ චිත්‍රපටය වූයේ "ගඟ අද්දර" වන අතර එහිදී ඔහු විසින් "ලියන මහත්තයා" ලෙස සුළු චරිතයක් රඟපෑවේය.
බොහෝ අය අතර ඔහු රංගන කුසලතාව නිසාම ජනප්‍රියත්වයට පත්විය. අනෝජා වීරසිංහ සමඟ ඔහු රඟපෑ අතර ඒ සිනමා යුවළක් බවට පත් ව තිබුණි. ජීවන්-අනෝජා යුවළගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට ලෙසින් මමයි රජා, ඔබට රහසක් කියන්නම්, නැවත අපි එක් වෙමු, රන්දෙණිගල සිංහයා, යුක්තියට වඩා, වීර උදාර සහ ඇසළ සඳ ආදී සිනමාපට ඔබට හැදින්විය හැකිය.
රණබිමේ වීරයා ,හිත හොඳ පුතෙක්,රජ දරුවෝ,සක්විති රජා,මේ වාරේ මගේ,රෑමතියයි නීතියයි,ඔබ මට විශ්වාසයි,සුරනිමල වැනි සිනමාපට රාශියකට රංගනයෙන් දායක වී තිබේ. ඔහු රන් කහවනු, සුදු පරවියෝ, හිඟන කොල්ල සහ අමරපුරය වැනි ටෙලි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වී ඇත.
1990 වසරේ ජනප්‍රියම නළුවාට හිමි සරසවිය සම්මානය ද ඔහුට හිමිවි තිබේ.
කෙසේ වෙතත් සිංහල සිනමාව පෝෂණය කළ සිනමාවේ නොමැකෙන තරුවක් වූ ජීවන් කුමාරණතුංග මහතාණෙනි ඔබට සුවබර උපන්දිනක්..

